( ඩී.කේ.රත්න )
වල් ඌරන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක දැවටීමෙන් වැලිමඩ බොරගස් ප‍්‍රදේශයේ කාන්තාවක් අද (2) මිය ගිය බව වැලිමඩ පොලීසිය පවසයි.
වැලිමඩ බොරගස් රජකදුරුවෙල සපුගස්තැන්න පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ බණ්ඩාරමැණිකා (59) නැමති කාන්තාව මෙලෙස මිය ගොස් තිබේ.
මෙම කාන්තාව තම එළවලූ කොටුවට යාමේදී තම නිවස අසලම නිවසක පුද්ගලයකු විසින් වල් ඌරන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක දැවටීමෙන් මෙසේ මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd