IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වල් අලි ප්‍රහාරයෙන් ගොවියකු ජීවිතක්ෂයට

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
අද (15) දහවල් ගල්නෑව ප්‍රදේශයට කඩා වැදුනු වල් අලියකු සිදුකළ පහරදීමකින් වගාබිමක සිටි ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල ගත කර තිබේ.

මිය ගොස් ඇත්තේ ගල්නෑව පිටියේයාය ප්‍රදේශයේ පදිංචිව සිටි රාජප්ෂ මුදියන්සේලාගේ ටිකිරිබංඩාගේ රංබණ්ඩා නැමැති පුද්ගලයකු වන අතර ඔහු 68 වැනි වියෙහි පසුවූ දෙදරු පියෙකි.

වල් අලියාගේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ද ගල්නෑව පිටියේයාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 50ක් පමණ වන තවත් පුද්ගලයෙකි.

වල් අලි ප්‍රහාරයෙන් මිය ගිය බව කියන රංබන්ඩා මහතා අද15 දහවල් පිටියේ යාය ප්‍රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ වූ හේන් බිමේ වගා කටයුතුවල නිරතව සිටියදී මෙලෙස වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි. අද 15 උදෑසන සිට එම ගම්මානයට වල් අලියෙකු කොටුවී සිටි බවත් එම අලියා රංබණ්ඩා මහතාට මෙලෙස පහර දී ඇති බවත් ගම්වාසීහු පවසති. අද 15 දහවල් මරණකරුගේ ඥාතීන් එම වගා බිමට ගිය අවස්ථාවේ වගාබිම අසළ රංබණ්ඩා මහතා වැටී සිටිනු දැක ඇත. පසුව ඔවුන් රංඩණ්ඩා මහතා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණ. ඒ මහතා රෝහලට ඇතුළත් කරනවිටත් මිය ගොස් සිට බව පවුලේ ඥාතීහු පවසති. මිය ගිය රංබණ්ඩා මහතාගේ සිරුර මේ වනවිට ගල්නෑව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ගල්නෑව පොලිස් ස්ථානය මගින් සිද්දිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශණ සිදු කෙරේ.

වල් අලි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පුද්ගලයා ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර මහරෝහල වෙත මාරු කර යවා තිබේ. ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පිටියේ යාය ගම්මානයට කොටුව සිටි වල් අලියා තවමත් ගම්මානයේ රැදී සිටින බවත් එම අලියා පලවා හැරීම සදහා මේ වනවිටත් වනජීවි නිලධාරීහු මෙහෙයුම් ආරම්භ කර තිබේ. මිගලෑව හා ගල්කිරියාගම වනජීවි කාර්යාලවල අඩවි ආරක්ෂකවරු හා සිවිල් ආරක්ෂක නිලධාරීහු එම මෙහෙයුමට එක්ව සිටී. එම මෙහෙයුම සදහා ප්‍රමාණවත් වන සත්ව නියාමක නිලධාරීන් එක්ව නොමැති බවට ගම්වාසීහු පවසති.

 
මේ සම්බන්ධයෙන් අපකළ සොයා බැලීමකදී එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කලේ මේ දිනවල ක්‍රියාත්මක වනසත්ව නියාමකවරුන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රීයා මාර්ගයක් හේතුවෙන් වනසත්ව නියාමක නිලධාරීන් මෙහෙයුමට එක්ව නැති බවයි. ඒ අනුව මේ වනවිට ගල්කිරියාගම හා මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් හා එම කාර්යාලවලට අනියුක්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් පමණක් එම මෙහෙයුමට එක්ව සිටින බව වාර්තා වේ. 



අදහස් (0)

වල් අලි ප්‍රහාරයෙන් ගොවියකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site