හිරාන් ප්‍රියංකර ජයසිංහ
කොට්ටුකච්චියේ කුඹුරු වල් අලි රංචු පිටින් කඩා වැදි වනසමින් ඇති බව ගොවීහු වේදනාවෙන් පවසති.
පැවති නියඟය හේතුවෙන් වසර තුනකට වැඩි කාලයක් කන්න හයක් නොකඩවා වගාකර ගැනීමට නොහැකිව සිටි ගොවින්ට නියඟය නිමා කරමින් ලැබුණු මහ වැස්සත් සමඟ වැව පිරි යාමෙන් පසුව මෙවර යල කන්නයේ දැඩි වෙහෙසකින් යුතුව වගා කළ කුඹුරු රාත්‍රීයේ කඩා වදින වල් අලි රංචු පිටින් වනසා දමමින් සිටින බව ගොවියෝ කියති.
කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ජලාශ වලින් ලැබෙන ජලයෙන් මෙවර අක්කර 500 කට වැඩි කුඹුරු යායක් වගා කර ඇති අතර එයින් අක්කර 50 කට ආසන්න කුඹුරු ප්‍රමාණයක් විටින් විට කඩා වදින වල් අලි විනාශ කර ඇති බව ගොවින් කියයි.
ගොවින් චෝදනා කරන්නේ මේ දිනවල ක්‍රියාත්මක වල් අලි පලවා හැරිම් වලින් එලවා දමන වල් අලි රංචු මෙසේ රාත්‍රී කාලයේ තම කුඹුරු වනසන බවයි. තමන් සහ තම අඹු දරුවන්ගේ කුස ගින්න නිවා දැමීමට දහවලේ රැකියාවේ යෙදී නැවත රාත්‍රීයේ කුඹුරු ආරක්ෂා කර ගැනීමට නිදි වර්ජිතව සිටිමට සිදුවී ඇති බව ගොවීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ අයට නාලාගිරි පිරිත කියන්න කියල දෙන්න