IMG-LOGO

වෙරළ ඛාදනයෙන් හලාවත ධීවර ගම්මානයට හානි

(ඔගස්ටින් ප්‍රනාන්දු) 
 
පුත්තලම දිසාවේ මුහුදු තීරයෙහි වාරකන් සුළඟ  සහ අයහපත් කාලගුණික බලපෑම් හේතුවෙන් වෙරළ ඛාදනයවීමෙන් හලාවත ධීවර ගම්මානයේ කල්ලිකුලිය වෙරළ තීරයෙහි ජීවත් වන ධීවර පවුල්වල ජනතාව ගැටළු ගණනාවකට මුහුණ දී සිටිති.
 
අයහපත් කාලගුණික බලපෑම් මත මුහුදේ රළු බව දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ඔවුහු පවසති. 
 
කල්ලුකුලිය වෙරළතීරයේ මුහුදු ආසන්නයේ ඉදිකර ඇති ධීවර පැල්පත් සහ ස්ථිර නිවාස 30කට වැඩි සංඛ්‍යාවක් වෙරළ ඛාදනය හේතුවෙන් විනාශ වෙමින් පවතී.
 
හලාවත නගරයේ, හලාවත මෝය දක්වා ඇති මාර්ගයට ද මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔවුහු පවසති.
 
පසුගිය වසරේදී ඇති වු සමුද්‍රඛාදනය නිසා මෙම වෙරළ තීරයේ විශාල කොටසක් මුහුදට ගසා ගෙන ගිය බවත්, එවිට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළු ගල්වැටි ඇතිරීම ආරම්භ කළ බවත්, වාරකන් සුළගේ බලපෑම් හීනවීමත් සමඟ එම ගල් වැටි දැමීම ද නවතා දැමූ බවත්  ධීවරයෝ කියති.
 
අවදානම් කලාපයේ වෙසෙන පවුල්වලට වට්ටක්කලිය කාවාටියා වත්තෙන් ඉඩම් ලබා දෙන ලෙසටද ඔවුහු ඉල්ලීමක් කළහ.
 
මෙම මුහුදු කෑම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හලාවත කොට්ඨාසය භාර සංවර්ධන නිලධාරිනි රසිකා ප්‍රනාන්දු මහත්මියගෙන් විමසූ අවස්ථාවේ දි ඇය මෙසේ කීවාය.
 
“කල්ලුකුලියේ නිවාස මුහුදු කෑමට ලක්ව ඇති බව වාර්තා වුණා. පසුගිය වසරේ අපේ දෙපාර්තමේන්තුව ගල්වැටි දමා ඒ විපත් අවම කළා. මෙවරත් අවශ්‍ය පියවර ගැනීමට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී කටයුතු කරනවා. ඔවුන් වෙරළේම පදිංචිව සිටින නිසා හානි වැළැක්වීම දුෂ්කරයි”



අදහස් (0)

වෙරළ ඛාදනයෙන් හලාවත ධීවර ගම්මානයට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 665 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 502 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site