රෝවන් පෙරේරා
පැවති අධික වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව සහ ඒ අවට ප්‍රදේශවල වන අලි ගම්වැදීම වැලැක්වීම සඳහා ඉදිකර තිබූ විදුලි වැටට විශාල වශයෙන් හානි සිදුවී ඇති බව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරී ඩබ්ලිව් ඥාණරත්න මහතා පැවසීය.
තබ්බෝව ජලාශයේ ජලමට්ටම ඉහල යාමත් සමඟ වැව ආසන්නයේ ඉදිකර ඇති විදුලි වැට ජලයෙන් යටවී ඇති අතර කරුවලගස්වැව , වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ඇති විදුලි වැටවල් වලටද හානි සිදුවී ඇති බව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීවරයා කීය. මේ හේතුවෙන් වන අලි ගම්වැදීම බහුල වී ඇති බවද ඔහු පැවසීය.
මේ අතර කෝන්වැව පිටාර ගැලීමෙන් වැව ආසන්නයේ ඉදිකර තිබූ විදුලි වැට සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ. අලි වැටට යොදා තිබූ කම්බි සහ කණුවල සම්පූර්ණයෙන්ම ජපන් ජබර වලින් වැසී ගසාගෙන ගොස් ගස්වල පැටලී තිබේ.
මෙම විදුලි වැට යලි සකස් කිරීමට කණු , කම්බි සහ උපකරණ අලුතින් යෙදීමට සිදුවන බවත් ගසා ගෙන ගිය කම්බි ගලවා ආරක්ෂිත ස්ථානයක නොතැබුව හොත් තැන් තැන් වල පැටලී ඇති කම්බි කයඩ වෙළෙන්දන් විසින් කපා රැගෙන යන බවත් ගම්වැසියෝ පවසති.
කරුවලගස්වැව වනජිවී අඩවි ආරක්ෂක නිලධාරී ඩබ්ලිව් ඥාණරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ ඉහල නිලධාරීන් දැණුවත් කර කඩිනමින් ඒ සඳහා පියවරක් ගන්නා බවයි.




2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව අලි වැටට දැඩි හානි