චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු
ඝාතනය කර වීරවිල වැව ආසන්නයේ දමා ගොස් සිටි ත්‍රී රෝද රථ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් 7 දෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත්වූවන් අතර ඉතා මෑතකදී පාසල් ගමන අවසන් කළ වයස අවරුදු 21ක් වෙන තරුණයන් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් වූවන් ඇඹිලිපිටිය හා වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පහර කෑමට ලක්ව මිය ගොස් සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රුවන් වනිගසේකර තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd