IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වාරිමාර්ග ඇමති විලච්චියේ ජල අවශ්‍යතා සොයා බලයි

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)


නියඟයෙන් පිඩාවට පත්ව සිටින විලච්චිය ගොවි ජනතාවගේ ජල අවශ්‍යතාවන් සැපිරීම සඳහා වගා ලිං, නළ ලිං හා වැව්  ප්‍රතිසංස්කරණය කිරීම අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වාරිමාර්ග ජලකළමණාකරණ හා ආපදා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.


වසර කිහිපයක් පුරාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ගොවි ජනපදයේ ගොවීන්ට වර්ෂාව නොමැතිකමින් දැඩි අපහසුතාවට පත්ව සිටියි.


ගොවීන්ගේ ඉල්ලීම්වලට අනුව ගොවි බිම්වල වගා ළිං හෑරීම, අබලන්ව පවතින වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීම හා ගොවි ජනතාවගේ පානීය ජල අවශ්‍යතායවන් සැපිරීම සඳහා නළ ලිං ප්‍රතිසංස්කරණය කිරීමත්, නියඟයෙන් සිඳීගිය වැව් වර්ෂාවට පෙර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරිමටත් මෙහිදී තීරණය ගෙන තිබේ.


වගාවන්ට අවශ්‍යය ජලය අඛණ්ඩව ලබා ගැනීම සඳහා වගා බිම් වල වගා ලිං සැකසීමටත්, දැනට භාවිතා කළ නොහැකි තත්වයට පත්ව තිබෙන සිඳී ගොස් ඇති වගා ළිං පිළිසකර කිරීම හා වගා ළිං ගොඩවීම වැලැක්වීම සඳහා ළිං බැමි ඉදිකිරීමත් මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.
 
පසුගිය කන්න කීපයේදීම වර්ෂාව නොමැතිකමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ප්‍රදේශයේ නියං තත්වයක් බලපෑ නිසා ගොවිජනතාව ජලය නොමැතිකමින් විශාල දුක් වේදනා විඳි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.


මූලිකව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි නියං තත්වයක් බලපෑ විලච්චිය ප්‍රදේශයටත් අනතුරුව මෙවැනි නියං තත්වයන් ඇති දිවයිනේ සියලු ප්‍රදේශවලටත් මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. 
මෙම අවස්ථාවට විලච්චිය මන්නාරම් හන්දිය සාලියවනාරාම විහාරාධිපති පූජ්‍ය ලෝලුවාගොඩ කුසලරතන හිමියන්, ප්‍රාදේශීය දේශපාලඥයින් හා ප්‍රදේවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

වාරිමාර්ග ඇමති විලච්චියේ ජල අවශ්‍යතා සොයා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site