අනීෂා මානගේ
වීරකැටිය පට්ටියපොළ ප්‍රදේශයේ බෞද්ධ පූජා භූමියක තිබූ අඩි දෙකහමාරක් පමණ උසැති බුදු පිළිම දෙකක් කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
වීරකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පට්ටියපොළ ප්‍රදේශයේ බෞද්ධයින් පුද පූජා පවත්වන පැරණි පූජා භූමියක තිබූ අඩි දෙකහමාරක් පමණ උසින් යුතු බුදු පිළිම දෙකක් මෙලෙස විනාශ කර දමා තිබේ.
බෝධිය අසල තිබූ බුදු පිළිම දෙක කඩා විනාශ කර අසල තිබූ වැවෙහි ඉවුර අසලට දමා ඇති ආකාරය දක්නට හැකි විය.
මෙම පූජා භූමියට වසර 90 කට ආසන්න කාලයක ඉතිහාසයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. බුදු පිළිම තබා තිබූ ස්ථානයෙහි තිබූ මල් වට්ටි කිහිපයක් ද විසිකර දමා තිබූ ආකාරය දක්නට හැකි විය.
තංගල්ල සහකාර පොලිස් අධිකාරී එල්.ඒ.ඩී. රත්නවීර මහතා සිද්ධිය වූ පූජා භූමියට පැමිණි අතර ඔහු ගම්වාසීන්ට පැවැසූයේ මෙලෙස බුදු පිළිම විනාශ කර දමා ඇත්තේ යම් කිසි කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පිරිසක් බවට සැක කරන බවයි. කෙසේ වුවද මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.
වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වීරකැටියේ පූජා භූමියක බුදුපිළිම දෙකක් විනාශ කරයි