වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයා හලාවත අධ්‍යාපන කලාපයේ 2017 ගුරුමාරු සම්බන්ධයෙන් කරන මැදිහත්වීම හා අත පෙවීම දැඩි ලෙස හෙළා දකින බව කලාපයේ ගුරුවරුන් පවසයි.
වසර 6 ට වඩා එකම පාසලක සිටි ගුරුවරුන්ට මාරුවීම් ලබාදීමට හලාවත අධ්‍යාන කලාපයේ ගුරුමාරු මණ්ඩලයක් විසින් සකසන ලද විධිමත් වැඩ පිළිවෙල ඇමතිවරයාගේ අත පෙවිම් නිසා අවුල් ජාලාවක් වි ඇති බව ගුරුවරුන් පෙන්වා දෙයි.
අධ්‍යාපන බලධාරින් වෘත්තිය සමිති නියෝජිතයන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගෙන් අදහස් යෝජනා මත සකසන ලද ගුරුමාරු වැඩපිළිවෙල නිසා බොහෝ පාසල්වල දීර්ඝ කාලයක් ඉගැන්වීම් හා පරිපාලන කටයුතුවල සිටි ගුරුවරුන්ට එනම් භාණ්ඩාගාරික තනතුරුවල සිටි ගුරුවරුන්ටත් මාරුවීම් ලබා දි තිබුණත් වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීම නිසා එම බොහෝ මාරුවීම් අවලංගු වි ඇති බව ඔවුහු පෙන්වා දෙති.
කාලයෙන් කාලයට ගුරුමාර ලබාදීමෙන් ඒකාකාරි ඉගැන්විම් රටාවෙන් හා පරිසරයෙන් මිදි අලුත් ස්ථානයක වැඩ කිරිමට ලැබිමෙන් ගුරුවරුන්ට මෙන්ම පාසල්වලටද යහපත් ප%තිළුල ලැබෙන බවත්, කලාපයේ කුඩා පාසල්වලටද , හොඳ දක්ෂ ගුරුවරුන්ගේ සේවය දියුණු පාසැල් හා එක සමානව ලබාදීම මෙම ගුරුමාරු වැඩපිළිවෙලේ අරමුණ වුවත් ඇමැතිවරයාගේ මෙම මැදිහත්වීම නිසා කුඩා අඩු පහසුකම් සහිත පාසල්වලට පැමිණිමට සිටි බොහෝ ගුරුවරුන් ඇමැතිවරයා මාර්ගයෙන් තම මාරුවීම් අවලංගු කරගෙන ඇති බව ඔවුහ පෙන්වා දෙති.
හලාවත කලාපයේ 2017 ගුරුමාරුව නිසා හොඳ ප්‍රතිළුල පෙන්වපු ගුරුවරු විශාල ප්‍රමාණයක් මාරු කරලා තිබුණා. ඒ වගේම පාසැල්වල අධ්‍යාපන නගා සිටුවීමට වැඩ කරපු ගුරුවරුන්වත් මාරු කරලා තිබුණා මට බොහෝ විදුහල්පතිවරුන් දෙමාපියන් ඇවිත් පැමිණිලි කරලා තිබුණා.
ඉතින් මමත් ඒ ගැන සොයා බලා එම ගුරුවරුන්ගේ මාරුවීම් අවලංගු කිරිමට උපදෙස් දුන්නා. මොකද කලාපයේ ප්‍රතිළුල පෙන්වන්න ඕනේ. අධ්‍යාපනයේ දියුණුව පෙන්විමේ වගකීම තියෙන්නේ මට ඔය වෘත්තිය සමිති හෝ ගුරුවරුන් කීවාට එහෙම හැමදේම ඒ අයට ඕනේ විදියට කරන්න බෑ. කලාපයේ අධ්‍යාපනය ගැන හිතලයි මේ පියවර ගත්තේ යනුවෙන් වයඹ පළාත් අධ්‍යාපන ඇමැති සන්ද්‍යා කුමාර රාජපක්ෂ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
669
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වයඹ අධ්‍යාපන ඇමැතිට ගුරුවරුන්ගේ විරෝධතා