(කේ.බුද්ධික කුමාරසිරි )
පාදුක්ක පිටුම්පේ ප‍්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලා එහි ප‍්‍රතිකාර ලබා දුන් බව කියන සුදුසුකම් ඉදිරිපත් කළ නොහැකි වූ වෛද්‍යවරියක් සහ නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගත් ඖෂධ තොගයක් අද (03) සවස සැක පිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
අදාල වෛද්‍ය මධ්‍යස්ථානය තුළ නීති විරෝධී කි‍්‍රයා සිදුවන බවට ප‍්‍රදේශයේ මහජනතාවගෙන් දිගින් දිගටම ලද පැමිණිලි හා පෙත්සම් නිසා පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය දුමිත‍්‍ර කහංගම මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින් අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේ එම ස්ථානයේ ප‍්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරිය යැයි සැළකෙන කාන්තාවට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හෝ කිසිදු පිළිගත් සහතිකයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් සැක පිට අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ කොළඹ දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පාලක පරීක්ෂකවරුන් පැමිණ එම ස්ථානයේ නීති විරෝධීව රැස් කර ගෙන සිටි ඖෂධ තොගයද ඔවුන් බාරයට ගෙන මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා දෙන්නෙක් අත්අඩංගුවට