IMG-LOGO

ව්‍යාජ මුදල්වලින් ළමුන්ට සෙල්ලම්බඩු මිලදීගත් කතකට අත්හිටවූ සිරදඬුවම්

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
 
ව්‍යාජ මුදල් නෝට්ටුවකින් දරුවන්ට සෙල්ලම් බඩු මිලදී ගත් බවට වරද පිළිගත් දෙදරු මවකට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එම දඬුවම වසර 5 කට අත්හිටුවන ලෙස අද  (23) නියෝග කළාය.

රුපියල් 10,000ක දඩ මුදලක්  ගෙවීමටද විත්තිකාරියට නියම කළ විනිසුරුවරිය දඩය නොගෙවන්නේ නම් මාස තුනක  සිරදඬුවම් ලබාදීමටද නියෝග කළාය. ඇහැටුවැව ගල්ගමුව පදිංචි ජේ.එම්.යමුනා තරංගනී (32) නැමැති තැනැත්තියකට මෙසේ දඬුවම් නියම කෙරිණ.   

කුරුණෑගල මහාධිකරණයේදී අද  (23) නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ප්‍රදීප් සෝලංගආරච්චි මහතා අධිකරණයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විත්තිකාරිය වරද පිළිගනිමින් නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට කැමති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ විත්තියේ නීතිඥවරයා පැවසුවේ චූදිත කාන්තාව වයස අවුරුදු 9ක සහ 15ක දරුවන් දෙදෙනෙකු සිටින මවක බවයි.

විත්තිකාරියගේ සැමියා පෙදරේරුවකු බවත් ඔහුට වැටුප් ලෙස ලැබුණු මුදලින් රුපියල් 500 නෝට්ටුවක් දරුවන්ට සෙල්ලම් බඩු මිලට ගැනීමට විත්තිකාරියට ලබාදුන් අවස්ථාවේදී මෙම ගැටලුව ඇතිවී තිබෙන බවත් විත්තියේ නීතිඥවරයා පැවසීය. 

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ අකිල අමුණුගම මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම වරද වෙනුවෙන් වසර 20ක් දක්වා සිරදඬුවමක් සහ දඩමුදලක් නියම කිරීමට අධිකරණයට බලය ඇති බවයි.
 
කෙසේ වෙතත් විත්තිකාරිය අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී වෙනත් ව්‍යාජ මුදල් නෝට්ටු හෝ ව්‍යාජ මුදල් නෝට්ටු සකසන උපකරණ කිසිවක් හමුනොවූ බවද කියා සිටි රජයේ නීතිඥවරයා  අධිකරණයට සුදුසු යැයි හැගෙන දඬුවමක් විත්තිකාරියට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.



අදහස් (0)

ව්‍යාජ මුදල්වලින් ළමුන්ට සෙල්ලම්බඩු මිලදීගත් කතකට අත්හිටවූ සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 100 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 261 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site