(හාලිඇල- විජේරත්න රත්නායක)
ව්‍යාජ මැණික් ගල් 05ක් වංචනික ලෙස අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු සෙනසුරාදා (11) රාත්‍රියේ ඇල්ල ඌව කරඳගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඌව කරඳගොල්ල සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් හා අවුරුදු 69 ක් වන පුද්ගලයින්දෙදෙනෙකි.
මොවුන් මෙම ව්‍යාජ මැණික් ගල් රුපියල් ලක්ෂ 03 ක මුදලකට වැලිමඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් මෙම මැණික් ගල් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් හා භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd