IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ව්‍යාජ මැණික් විකිණීමට ගිය දෙදෙනෙක් පොලිස් දැලේ

(හාලිඇල- විජේරත්න රත්නායක)


ව්‍යාජ මැණික් ගල් 05ක් වංචනික ලෙස අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු සෙනසුරාදා (11) රාත්‍රියේ ඇල්ල ඌව කරඳගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය කියයි.


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඌව කරඳගොල්ල සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් හා අවුරුදු 69 ක් වන පුද්ගලයින්දෙදෙනෙකි.


මොවුන් මෙම ව්‍යාජ මැණික් ගල් රුපියල් ලක්ෂ 03 ක මුදලකට වැලිමඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් මෙම මැණික් ගල් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම සැකකරුවන් හා භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.  



අදහස් (0)

ව්‍යාජ මැණික් විකිණීමට ගිය දෙදෙනෙක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site