(මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ රථ වාහන වායු සමීකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් එම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
හෝමාගම පොලිසිය හා ගිනි නිවීමේ ඒකක පනාගොඩ යුධ හමුදා කඳවුරේ සෙබළුන් හා එක්ව ගින්න පැතිරීම පාලනය කළද අදාළ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
පැය එකහාමාරකට වැඩි කාලයක් පැවැති මෙම ගින්න නිසාවෙන් සිදුවූ අලාභය රුපියල් ලක්ෂ 50 ක් පමණ වෙතැයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇති අතර වායු සමීකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වී ඇති බව පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd