ශ්‍රී ලංකාව ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපරභාගයේදී හා රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇති බවත් සඳහන් කරයි.
‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd