IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විපතින් නොවැටුණු සබරගමුව ශිෂ්‍යත්ව හපනුන්ට ස්තූතිය

(අජිත්ලාල් ශාන්තඋදය)

මෙවර ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල අනුව සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ ජනප‍්‍රිය නොවන ග‍්‍රාමීය පාසල්වලින් ඉහළ ප‍්‍රතිඵල ලැබී ඇති බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලෙකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කළ ‘සිසුසවිය’වැඩසටහන සහ සම්මන්ත‍්‍රණ මාලාව ඊට පිටිවහලක් වූ බව ඒ මහතා පැවසුවේ ය.

පසුගිය මැයි මාසයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් විපත්වලින් සබරගමු පළාතේ පාසල් 117ක් හානියට පත්ව තිබියදී එහි බලපෑම ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරුවන්ට නොදැන සේ ඉගැන්වීම් ක‍්‍රියාවලිය කළ ගුරුභවතුන්ටත්  ඉගෙනගත් දරුවන්ටත්  දරුවන්ගේ මානසික සංවර්ධන පරිසරය සැකසූ මව්පියන්ටත් ස්තුතිවන්ත වන බව ද ලේකම්වරයා පැවසුවේ ය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවේ දෙවැනි තැන සහ සිව් වැනි තැන් ඇතුළුව ඉහළ මට්ටමේ ප‍්‍රතිඵල සබරගමු පළාත්ට හිමිකර දීම ගැන ස්තූති වන බව වීරසූරිය මහතා කීවේය.

පළාත් අධ්‍යාපනය ඉහළ නැංවීමේ වැඩසටහන් කරගෙනයාමට සහාය දීම, පූර්ණ අනුග‍්‍රහය දීම ගැන සහ පළාත් අතරින් අධ්‍යාපන මට්ටමින් පහළ සිටි සබරගමු පළාතට අධ්‍යාපනයෙන් ඉහළ ප‍්‍රතිඵල පෙන්වන්නට ඔවුන්ගෙන් දුන් දායකත්වය වෙනුවෙන් සබරගමු පළාතේ හිටපු මහ ඇමති මහීපාල හේරත්, හිටපු අධ්‍යාපන ඇමති භාණු මුණිප‍්‍රිය යන මහත්වරුන්ට  ස්තූතිවන්ත වන බවද ලේකම්වරයා කීය.

‘‘මේ වනවිට පළාත් සභාව විසුරුවලා තියෙන්නේ. දැන් පාලනය ගෙනියන්නේ ගරු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මැතිතුමා කරගෙන ආ වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යන්න අපිට විශාල සහයෝගයක් දෙනවා. ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන විභාගවලිනුත් අපිට ඉහළ ප‍්‍රතිඵල අපි අපේක්‍ෂා කරනවා. මෙවනවිට පළාතේ ගුරු හිඟය විසඳලා, ගුරු විෂමතා ඉවත් කරලා, ගම සහ නගරය කියලා බේදයක් ඇති නොකර සම අධ්‍යාපන මට්ටමක් ලබාදීම තමයි මේ ඉහළ ජයග‍්‍රහණයන්ට හේතුව’’ යැයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ය.



අදහස් (0)

විපතින් නොවැටුණු සබරගමුව ශිෂ්‍යත්ව හපනුන්ට ස්තූතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site