(රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ මැද කොටසේ තිබූ වතු නිවාස ගිනිගෙන විනාශ වීම හේතුවෙන් ඒ වෙනුවට නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා ගිනිගත් වතු කම්කරුවෝ අද(07) හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (07) උද්ඝෝෂණයක නිරත වූහ.
වතු නිවාස 20 කට අයත් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජික පිරිසක් මීට එක් වූහ.
ඉකුත් වසරේ දෙසැම්බර් මස 29 දින විදුලි කාන්දුවීමක් හේතුවෙන් හටගත් ගින්නකින් එම වතු යායේ වතු නිවාස 20 ක් විනාශ විය.
ගින්නෙන් අවතැන් වු සමාජිකයන් 105 දෙනෙකු වතු පාලන අධිකාරිය මගින් ක්‍රීඩාංගණයේ ඉදිකළ කුඩාරම්වල තාවකාලිකව පදිංචි කරවීය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් තම දරුවන් සමග කූඩාරම්වල ජීවත්වීමට නොහැකි බවත්, එම නිවාසවලට පිවිසෙන සර්පයන්ගෙන් තම ජීවිත අවදානමක පවතින බවත්, වැසි දිනවලදි නිවාසවලට ජලය කාන්දු වන බවත් ඔවුහු කීහ.
හැටන් ඩයගම ප්‍රධාන මාර්ගය පොඩයිස් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසළින්මාර්ගය අවහිර කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකක පමණ කාලයක් සම්‍පූර්ණයෙන්ම ඇන හිට තිබුණි.
ගිනිගත් නිවාස අලුතින් රජය මගින් ඉදිකිරීම සඳහා වතු පාලන අධිකාරිය මගින් සුදුසු ඉඩමක් ලබා නොදීම හේතුවෙන් නිවාස ඉදිකිරීම ප්‍රමාද වී ඇති බව ද උද්ඝෝෂණයේ නියැලුණු පිරිස පැවසූහ.
හැටන් මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතා කඩිනමින් පාලන අධිකාරිය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවට ලබා දුන් පොරොන්දුවක් මත උද්ඝෝෂණය තාවකාලිකව නතර කෙරිණි.




2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනාශ වූ නිවාස වෙනුවට නව නිවාස දෙන්නැයි වතු කම්කරුවෝ විරෝධයක