(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සහාපති වැඩබාර ගැනීමේ උත්සවය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 2 ක පමණ ප්‍රමාණයක් වැය කිරිම මහජන මුදල් නාස්තියක් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ශිරොන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
වෙන්නප්පුව ප්‍රාදේශයේ වරිපනම් ගෙවන බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වන ප්‍රාදේශීය සභාව මේ ආකාරයෙන් මුදල් නාස්ති කිරිම විශාල අපරාධයක් බවත් තමන්ටද මෙම උත්සවය සඳහා ප්‍රාදේශීය සභාවෙන් ආරාධනා පතක් ලැබුණත් මෙවන් ජනතා මුදල් නාස්තියක් සඳහා දායක වීමට තිබු අකමැත්ත නිසා මන්ත්‍රී කණ්ඩායම මෙම උත්සවය වර්ජනය කළ බව විපක්ෂනායකවරයා පැවසීය.
අපි මෙම මන්ත්‍රී ධූරවලට ජනතාව පත්කළේ අසරණ ජනතාවගේ ගැටළු ප්‍රශ්න වලට විසඳුම් සෙවිමට මිස නාස්තිකාර උත්සව වලට සහභාගි වීමට නොවන බවත් මෙම උත්සවය සඳහා පාලක පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවත් මෙය දේශපාලන රැස්වීමක් මිස පොදුවේ ප්‍රාදේශීය සභාවේ උත්සවයක් නොවු බවත් මෙවන් නාස්තිකාර වැඩවලට එරෙහිව ඉදිරියේදිත් සභාවේ හඬක් නගන බව විපක්ෂනායක ශිරොන් ප්‍රනාන්දු මහතා කීවේය.

2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙන්නප්පුවේ ප්‍රා. සභා වැඩ බාර ගැනීමට ලක්ෂ දෙකක් වැය කරලා
naradha Thursday, 19 April 2018 01:14 PM
මිනිසුන්ගෙන් වරිපනම් බදු අය කරගෙන ඕව තමයි කරන්නේ.
Jayamanna Thursday, 19 April 2018 03:09 PM
මෙම ප්‍රාදේශීය සභා යනු නරකම දූෂිත, අකාර්යක්ෂම හා නිෂ්ඵල ආයතනයකි. මේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වශයෙන් මට කණගාටුයි.