IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වනඅලියකු පහරදීමෙන් සිල්මාතාවක ජීවිතක්ෂයට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස සහ නාඋල ඉන්දික අරුණ කුමාර)
 
වන අලියෙකු සිදුකළ පහරදීමකින් නාඋල නාලන්ද බෝගස් බොබැල්ල ප්‍රදේශයේ ආරාමයක වැඩසිටි සිල්මාතාවක් ඊයේ (29) දින රාත්‍රියේ අපවත්වී ඇතැයි නාඋල පොලිසිය කියයි.
 
මෙසේ අපවත් වී ඇති බෝගස් බොබැල්ල ප්‍රදේශයේ ආරාමයක වැඩ විසූ අතරගල්ලෑව ඥානමිත්තා නම් (60) හැවිරිදි සිල්මාතාවක් බව හඳුනාගෙන තිබේ.
 
ලංකාව පුරා වැඩසිටින සිල් මාතාවන්ගේ වාර්ෂික සම්මන්ත්‍රණ මාලාවක් ඊයේ (29) දින කොළඹ කැළණිය ප්‍රදේශයේ පැවැති බවත් එම අවස්ථාවට සහභාගී වී නැවතත් රාත්‍රියේ ආරාමයට ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇතැයි එම ස්ථානයට වැඩම කළ අනෙකුත් සිල්මාතාවෝ පැවසූහ.
 
අපවත් වූ සිල්මාතාවන්  සිය ආරාමයට මීටර් 100ක් පමණ ආපසින් අතුරු පාරකදි වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බව පොලිසිය කියයි.
 
නවුල බෝගස් බෝබැල්ල ප්‍රදේශයේ නිතර නිතර වන අලි ගැවසීම නිසා දැඩි භීතියට පත්ව තිබෙන බව ජනතාව චෝදනා කරති. වනජීවී නිලධාරීන්ට මේ බව දැනුම් දුන්නද කිසිදු ඵලක් නොවන බව එම ප්‍රදේශයේ වැඩ වසන භික්ෂු මහා සංඝයා වහන්සේලාද සඳහන් කළහ.
 
මෙම සිල් මාතාවන් වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් දහවල් වනතුරුත් කිසිදු වනජීවී නිලධාරියකු හෝ මෙම ස්ථානයට නොපැමිණි බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
 
මෙම ප්‍රදේශයේ අවට ගම්මාන කිහිපයක මේ වෙනකොට මිනිස් ජීවිත ගණනාවක්ම වන අලින් විසින් පහර දී ඝාතනය කොට තිබෙන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
 
මෙම සිල් මෑණියන් ද   විදුලි පන්දමක් අතැතිව පා ගමනින් යන අතරතුර එකවරම වන අලියා මුහුණට හසු වී පහර දෙන්නට ඇති බව පොලීසිය සැක පළ කරති.
 
අපවත් වූ සිල් මාතාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව නාඋල පොලිසිය සඳහන් කළේය.

(ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 

 

(ඡායාරූප - නාඋල ඉන්දික අරුණ කුමාර)



අදහස් (0)

වනඅලියකු පහරදීමෙන් සිල්මාතාවක ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site