IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වන අලියකුගේ පහරින් දැරියක ජීවිතක්ෂයට

(ක.ග.කරුණාරත්න සහ මනම්පිටිය නිමල් ජයරත්න)

දිඹුලාගල, ඇල්ලේවැව ප්‍රදේශයේදී අද (30) අළුයම වන අලියෙකු පහරදීමෙන් 12 හැවිරිදි පාසැල් සිසුවියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිඹුලාගල, ඇල්ලේවැව, ඩී 6 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.ජී. හිරුෂි නිෂාදි දිසානායක නැමැති දැරියයි. ඇය අළුයම නින්දෙන් පිබිදී නිවෙස අසල පිහිටි වැසිකිළියට යාමට ගිය අවස්ථාවේ ගෙවත්තේ රැඳීසිටි වනඅලියෙකු පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය වී තිබේ. අලියාගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබාසිටි එම දැරිය ප්‍රතිකාර ලබාදීම සඳහා පොලොන්නරුව මහරෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

(ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න)



අදහස් (0)

වන අලියකුගේ පහරින් දැරියක ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32015 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14468 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site