(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව, කළහගල, ස්වර්ණපාලිගම සහ නවනගරය යන ගම්මානවල ගම්වාසීහු පිරිසක් අද(28) පොළොන්නරුව නවනගරයේ පිහිටි වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ.
තම ගම්මානවලට වනඅලින්ගෙන් සිදුවන හානි නවතා දැමීමට පියවර ගන්නා ලෙස බලකරමින් ඔවුහු විරෝධතාව පැවැත්වූහ.
වන අලින්ගෙන් වගා හානි සිදුවීමත්, මිනිස් ජීවිත අවදානමත්, දරුවන් පාසල් යැවීමට නොහැකි තත්වයක් පවා උද්ගත වීමත් හේතුවෙන් සිය ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd