(බී.ජී.චතුරංග)
අනුරාධපුර පූජා නගරයේ තිසාවැව වෑ කන්ද පාමුල, සඳහිරු සෑය ආසන්නයේ දී අද (28) වන අලියකු සිදුකළ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර පදිංචිව සිටි විශ්‍රාමික ලිපිකාරිනියක වන පියදි ගමගේ කල්‍යාණි පද්මා (72) හැවිරිදි කාන්තාවකි.
නිරාවිය තේක්ක රක්ෂිතයේ සිට පැමිණ ඇති මෙම වන අලියා, තිසා වැව, වෑ කන්ද දිගේ පැමිණ වගා හානි සිදුකර මෙම කාන්තාවට පහරදීමෙන් පසුව තිසාවැව පොදු සුසාන භූමිය දෙසට දිව ගොස් ඇතැයි පොලීසිය පවසයි.
අලියා පහර දීම සිදු කරන අවස්ථාවේදී මෙම කාන්තාව පමණක් නිවසේ සිට ඇති අතර නිවෙස ඉදිරිපස එම කාන්තාව වැටී සිටිනු දැක අසල්වැසි කාන්තාවක පොලිසිය හා වන ජීවී අංශ දැනුවත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මිය ගිය මේ අසරණ කාන්තාව වෙනුවෙන් කව්ද කතා කරන්නේ? මෙවැනි දේ ඉදිරියේදී ඇති නොවීමට වන ජීවී ඇමතිවරයා ගන්න පියවර මොනවාද? පොලිසිය හෝ වන ජීවී අංශ වලට අලි පහර දෙන තැන් වලට ක්ෂණිකව පැමිණිය නොහැක. මෙවැනි ගම් වදින අලින්ට වෙඩි තැබීමට මේ ගම්වල වෙසෙන ගැමියන්ට අවසර දිය යුතුයි. තවද, අද වන අලි ගහනය ඉතා වැඩිවී ඇති බැවින්, මෙවැනි අලින් අල්වා උන් අපනයනය කල යුතුයි.