වසන්ත චන්ද්‍රපාල
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ හිමිදුරාව හතේ ඇලේ ගම්මානයේදී වන අලියකු පහරදීම නිසා 53 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (1) රාත්‍රී 8 පමණ මෙම පහරදීම සිදුවී තිබේ. තම වත්තේ ශබ්දයක් ඇසී එය බැලීමට එළියට ගිය අවස්ථාවේ මෙම කාන්තාව වන අලි ප්‍රහාරයට ලක්වී තිබේ.
පසුව මෙම කාන්තාව අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වෙන විට ද ඇය මිය ගොස් සිටි බව අම්පාර මහා රෝහලේ වෛද්‍යය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ හිමිදුරාව හතේ ඇල ගම්මානයේ පදිංචි සුමනාවතී නැමැති 53 හැවිරිදි කාන්තාවකි. මෙම සිදුවීම පිළිබඳව උහන පොලිසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd