(විජේරත්න රත්නායක )
බදුල්ලේ පාසලක විදුහල්පතිනියක් දණගැස්වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ එම්.පී.ජයසිංහ මහතා විසින් නිළධාරියෙක් පත්කොට තිබේ.
දැනට මාස තුනකට පමණ පෙර ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මානව හිමිකම් කොමිසම ඇතුළු අංශ කිහිපයකින් විමර්ශණ සිදු කෙරේ.
ඊට අමතරව ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විශ්‍රාමික නිළධාරියෙකු මෙසේ පත්කර ඇත.
එහෙත් ඉහත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිළි පාර්ශවය වන ලංකා ගුරුසේවා සංගමය වෙනුවෙන් එහි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නන්දන හපුගොඩ මහතා සඳහන් කළේ මෙම පත්කිරීම සිදුකළ ඌව ආණ්ඩුකාරවරයා මේ වන විට පළාත් අධ්‍යාපන අමාත්‍ය තනතුර භාරව සිටින බැවින් ඔහු විසින් පත්කළ විමර්ශන නිළධාරියෙකුගෙන් මේ වන විටත් අදාළ තනතුරුවල සිටින පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුවීම සැක සහිත බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ඉබේම විහිලුවට විදුහල් පති තුමිය දන ගහ ගත්තා කියාලා ඔය කතාව ඉවරවේවි.
හා හා කෑගහන්න එපා. කොයි කොයි උදවියත් මාර නින්දකනේ ඉඳල තියෙන්නේ. අපහු නිදියගන්න කියලා ගෙදර අරින්න. නැතිනම් පළාතම ආපහු ගඳ ගස්සයි.