IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදෙස් මුදල් සමඟ විස්කි තොගයක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

 

කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , විදුලි උපකරණ අලෙවිසැලක සේවය කරන සේවකයින් තිදෙනකු විසින් විදේශ මුදල් සහ විදේශීය මත්පැන් තොගයක් , ගුවන් තොටුපොළෙන් පිටකර , තම නිවෙස් කරා රැගෙන යෑමට තැත් කිරීමේ දී  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

 

               

මොවුන් තිදෙනාගෙන් එක් අයෙකු 36 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 28 හැවිරිදි දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙහි අනෙක් තැනැත්තිය රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

 

මෙම විදේශ මුදල් තොගය සඟවා ගෙන තිබූ අතර  එම මුදල් තොගයේ වටිනාකම රුපියල් 12,98,757 කි.

 

මීට අමතරව ඔවුන්ගේ ගමන් මලුවල සගවා ගෙන රැගෙන යෑමට තැත් කළ විස්කි බෝතල් 6 ක වටිනාකම රුපියල් 29,034 කි.

 

මෙම විදේශ මුදල් සහ විදේශීය විස්කි බෝතල් 6 රාජසන්තක කළ අතර මෙම කාන්තාවට රුපියල් ලක්ෂයක් සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයාට රුපියල් 50,000 දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

 



අදහස් (0)

විදෙස් මුදල් සමඟ විස්කි තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site