(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (16) කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඩුබායි හි රැකියාව සඳහා ගොස් සිටි මොහු 38 හැවිරිදි කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක රුපියල් 9,20,000 ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි කාටූන් 92 ක් තුළ වූ දුම්වැටි 19,400 ක් තිබූ බව රේගුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd