(මනෝජ් හර්ෂික)
නිවාසවලට විදුලිබලය ලබානොගත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශවල සේවයේ නියුතු පිරිස් සඳහා නව විදුලි සබඳතා ලබාදෙන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ඒ අනුව ලබන අගෝස්තු මස සිට නව විදුලි සබඳතා ඉල්ලුම් කිරීමේදී, අදාළ ඉල්ලුම්පත සමඟ සේවයේ අනන්‍යතාවය තහවුරුකළ යුතු වේ.
විදුලිය ඉල්ලුම් කිරීමේදී සේවක නම, ලිපිනය, සේවා ස්ථානය, සේවා අංකය ඇතුළත් කර සේවා ස්ථානභාර නිලධාරියාගේ සහතිකයක් සමඟ ඉදිරිපත් කළ යුතු ය.
එවිට පොරොත්තු ලේඛණයෙන් බැහැරව, කිසිදු පමාවකින් තොරව ක්ෂණිකව විදුලිය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd