(නිහාල්  වෙත්තසිංහ)

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යාංශයේ  ලේකම්  විසින් ඉදිරිපත්  කර ඇති ඒකාබද්ධ ඉංජිනේරු සේවා  යෝජනාවලියට  ලංකා  විදුලිබල මණ්ඩලයේ  තාක්ෂණික ඉංජිනේරු  හා  අධිකාරි සංගමය මගින්  යෝජනා  කර ඇත.  

එම යෝජනා සැලකිල්ලට  නොගන්නේ නම්  අද (18) මධ්‍යම රාත්‍රී  12 සිට  වැඩ වර්ජන ක්‍රියාවලියට 1700 ක් පමණ වු  සියලු  සාමාජිකයන් ද එක්වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු  අධිකාරි  සංගමයේ  ලේකම් යු.ජී.ඒ. නිසාන්ත මහතා  පැවසීය.