(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, අරලගංවිල, ගල්තලාව ප‍්‍රදේශයේ දී පුද්ගලයකු ගෙවත්තේ දී විදුලි සැර වැදී අද (7) මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි තිදරු පියෙකි. එලෙස මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.ජයසුන්දර නැමැති මහවැලි ගොවියෙකි.
ඔහු තම ගෙවත්තේ ඇති වගාවන්ට ජලය සැපයීම සඳහා විදුලියෙන් ක‍්‍රියාකරන වතුර මෝටරයට විදුලිය සම්බන්ධ කිරිමට යාමේ දී විදුලි සැර වැදී ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් හදිසි පශ්චාත් මරණ පරීක්ෂණය අද පොළොන්නරු මහ රෝහලේ දී සිදු කෙරිණි. අරලගංවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාගේ දේවල් ගැන මේ රටේ කතා කරලා වැඩක් නැහැ හුඟක් ගෙවල් වල "ට්‍රිප් ස්විච" නැහැ තියන ඒවා ත් වැඩ නැහැ , මාසෙකට වතාවක් වත් මේවයේ ක්‍රියාකාරිත්වය පිරික්සන්නේ නැහැ. මේවට නීති නැහැ පරීක්ෂණයට එන කෙනාට කීයක් හරි දීල ට්‍රිප් ස්විච එක නැතුව පාස් කර ගන්නවා මිනිස්සුත්"නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නවා " අඩුම තරමේ මේවගේ දෙයකදී "මේන් ස්වීච් එක " "ඔෆ් කරලා වැඩ කරන්න දන්නේ නැත්ද ?