(සුමතිපාල දීයගහගේ)
අධික ලෙස බීමත්ව පැමිණ නිවසක වීදුරුවකට අතින් පහරදීම නිසා සිදුවූ තුවාල වලින් පසුව රෝහල් ගත කළ තරුණයකු අද (17) උදෑසන මිය ගිය බව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
අධික ලෙස බීමත්ව පැමිණ පියා සමඟ ආරවුලක් ඇතිකර ගෙන ඇත.
එවිට ආරවුල බේරිමට මැදිහත්වූ මව බීමත්ව සිටි පුතාට පහරක් ගසා ඇත. ඊටපසු සිත් වේදනාවට පත් තරුණයා නිවසේ ජනේලයක වීදුරුවකට පහරදීමෙන් අත කැපී ගොස් ලේ ගලා යෑමට පටන් ගෙන තිබේ.
එවිට දෙමාපියන් එක්ව අත රෙදි පටියකින් වෙලා තැඹිලි ගෙඩියක්ද පානය කිරිමට දී ඇත. ඊට පසු තුවාලකරු නින්දට ගොස් තිබේ. පසුදා මොහුට කතාකර ඇතත් කතා කර නොමැති නිසා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ පසු මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd