ජේ.කේ.එල් චාමින්ද සහ සිරිනිහාල් ගමගේ
වසා දමනු ලැබූ ගල් කොරියක් නැවත ආරම්භ කිරිමට විරෝධය දක්වා වදුරඹ කිඹින්ද ලිට්නස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අද (01) විරෝධතාවයක නිරතවුහ.
ගල්කොරිය වදුරඹ කීඹිකන්ද ප්‍රදේශයේ නැවත ආරම්භ කිරීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ලිට්නස් වත්තේ ගල්කොරිය පිහිටි ස්ථානය වෙත පෙළපාලියකින් ගමන් කරණු ලැබීය.
මෙම ගල්කොරිය ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හේතුවෙන් වසා දමා තිබූ අතර නැවතත් එම ගල්කොරිය විවෘත කිරීම සඳහා පරීක්ෂණික පිපිරුම් සිදුකරීමට අද දිනයේ නියමිතව තිබුණි.
ඒ සඳහා අදාල පුපුරණ ද්‍රව්‍ය පාලක කාර්යාලය, පොලීසිය, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මධ්‍යම පරිසර අධිකාරිය , භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යංශය මෙන්ම අදාල ගල්කොරිය පවත්වාගෙන යනු ලබන හිමිකරුද මෙම ස්ථානයට පැමිණ සිටියහ.
කෙසේ වෙතත් ගම්හු මෙම ගල්කොරිය පවත්වාගෙන යාමට දැඩි විරෝධය පලකරන්න වූ අතර මෙම ගල්කොරියෙන් පිපිරුමක් සිදුකරන අවස්තාවක මීට පෙර විසිවූ ගල් කැබැල්ලක් වැදී තේ දලුකඩමින් සිටි කාන්තාවකද මියගිය බව ඔවුහු පෙන්වා දුන්නේය.
දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ද මෙම ස්ථානයට පැමිණ අදාල නිලධාරීන් සමඟ සාකච්ඡා කර පරීක්ෂන පිපිරීම අත්හිටුවීමට කටයුතු කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වදුරඹ ගල්කොරියට ජනතා විරෝධය