සමූහ දූෂණය කර මරා දැමුණු බව කියන යාපනය විද්‍යා සිසුවියගේ ඝාතනය ඇසින් දුටු සාක්කි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ ඩී එන් ඒ වාර්තා අද දිනයේ ද අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ නැත.

රිමාන්ඩ් බාරයේ සිටින  සැකකරුවන් දස දෙනා ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කයිට්ස් මහේස්ත්‍රාත් ඒ එම් එම් රියාල් මහතා නියෝග කළේය.