(ඩී.කේ.රත්න)
වතු නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සපුගස්තැන්න වැවිලි සමාගමට අයත් ඇල්ල බල්ලකෙටුව නහවිල වතුයායේ කම්කරුවෝ නහවිල සමූපකාර හංදියේදී අද (20) උද්ඝෝෂණයක නිරත වූහ.
වතුයායේ සේවයේ නියුතු අනියම් කම්කරුවන් රාජකාරියට නොපැමිණෙන දිනවලදී වතු නිලධාරීන් කම්කරුවන්ගේ නම් යොදා මුදල් කොල්ලකන බව කී ඔවුහු එම නිලධාරීන්ව සේවයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ යෙදුණහ.
වතු හාම්පුතුන් සමඟ වෘත්තීය සමිති නායකයින් සාකච්ඡා කර මේ සඳහා නිසි විසඳුමක් දෙන බව කීමෙන් පසු කම්කරුවෝ විරෝධතාව අවසන් කළහ.
පැය තුනක පමණ කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් බල්ලකෙටුය නහවිල වතුයායේ සියලු කටයුතු ඇනහිට තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd