IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


වතු කම්කරුවන්ට පහරදුන් 18 දෙනා රිමාන්ඩ්

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
වතු කළමණාකරුවන් සිව්දෙනෙකුට ඉකුත් (05) දා කළ පහරදීම සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 18 දෙනා නාවලපිටිය දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 10  වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
 

 කොත්මලේ,“බ්ලූ ෆීල්ඩ්” තේ වත්තේ වතු කම්කරුවන් පිරිසක් විසින් එම  වතුයායේ කළමනාකරුවන් හා ඔවුන්ගේ දේපළවලට ඉකුත් (05) රාත්‍රියේ පහරදුන් බවත්, එහිදී වතු පාලනාධිකාරියේ සිව්දෙනෙකුට තුවාල වී ඇති බවත්, ඉන් දෙදෙනෙකු ගම්පොල රජයේ මුලික රෝහලට ඇතුළත්කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් කොත්මලේ පොලිසිය පවසයි.
 
 බ්ලූෆීල්ඩ් තේ වත්තේ සේවය කරන වතු කම්කරුවන්ට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මාසිකව ඔවුන්ගේ ගිණුම්වලට බැර නොකරන බවට චෝදනා කරමින් කම්කරුවෝ ඊයේ (04) දා  දහවල් විරෝධතාවක්ද පැවැත්වූහ. එම සිද්ධිය මුල්කර ගනිමින් රාත්‍රියේ කම්කරුවන් පිරිසක් වෘත්තිය සමිති නායකයින් පිරිසක් සමග එක්ව මෙම පහරදුන් බව වතු පාලකවරු පවසති. මෙම ගැටුමේදී කළමණාකරුවන්ගේ බංගලා දෙකකට, මෝටර් රථයකට හා ජිප් රථයකට මෙන්ම තේ කර්මාන්තශාලාවේ ගොඩනැගිලිවලටත් පහර දී හානි සිදුකළ බවත්, ලක්ෂ 15ක මුදල්ද පැහැරගෙන ගිය බවටත් චෝදනා කර සිටිති.
 
බ්ලූෆීල්ඩ් තේ වත්ත ප්‍රදේශයේ මිනිස් හා දේපල ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

වතු කම්කරුවන්ට පහරදුන් 18 දෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32364 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14872 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site