තරඟ විභාග පවත්වා අලුතින් විදුහල්පතිවරුන් ලෙස 3856 දෙනකුට පත්වීම් දී තිබියදී නැවතත් වැඩ බලන විදුහල්පතිවරුන් පත් කිරීමට ඇතැම් පළාත් බද අමාත්‍යංශ පියවර ගැනීම මහ විහිළුවක් බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
අලුතෙන් බඳවා ගත් විදුහල්පතිවරුන්ට පත්වීම් ලිපි ලබා දුන්නත් පාසල් වලට අනුයුක්ත නොකර මේ වන විටත් බොහෝ පාසල් වලට වැඩ බලන විදුහල්පතිවරුන් පත් කිරීම නවක විදුහල්පතිවරුන්ට කරන අසාධාරණයක් බව ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබදව අධ්‍යාපන ඇමතිට සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කිරීමට ඉදිරියේදී සූදානම් වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථිර පත්වීම් ලැබූ අය නොබියව පාසල් වලට ගොස් වැඩ බාරගන්න ජනතාව ඔබ සමගයි (ම)