(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පොලිස් වසමට අයත් අනුරුද්ධගම පදිංචි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කමල් පුතා හෙවත් කමල් ප්‍රභාත් කුමාර නැමැති 42 හැවිරිදි තිදරු පියෙකි.
මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එම අවස්ථාවේදීම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd