(සිතුම් චතුරංග)
කිලිනොච්චිය ධර්මපුරම් පුලියංපොක්කනෙයි ප‍්‍රදේශයේ ඉඩමක් තුළ තිබී ටි.56 වර්ගයේ ගිනි අවි දෙකක් අද (17) සොයා ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි.
දීර්ඝ කාලයක සිට අතහැර දැමූ ඉඩමක් එහි හිමිකරු විසින් වගා කටයුතු සඳහා භූමිය සකස් කිරීමේදී ගිනිඅවි හමුවී තිබේ.
ගිනිඅවි හමුවූ ස්ථානය පරීක්ෂා කිරීමේදී පොලිතින් බෑග් තුළ අසුරා තිබූ මැගසින් තුනක්, ජීව උණ්ඩ 82 ද සොයා ගෙන ඇත.
පසුගිය යුද සමයේ කොටි සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීම සඳහා මෙම ගිනිඅවි සඟවා තිබූ බවට සැක පළ කරයි.
දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් සොයාගත් ගිනිඅවි දැඩි ලෙස දිරාපත්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd