සහතික කළ මිලට වඩා අඩුවෙන් වී අලෙවි මණ්ඩලය වී අලෙවි කිරීම නිසා රටට විශාල මූල්‍ය හානියක් සිදුව ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි කරන ලෙසට නියෝග කරමින් වී අලෙවි මණ්ඩලයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වී ගොවිහු පිරිසක් ගොනු රිට් පෙත්සම මාර්තු 29 වැනිදා සලකා බැලීමට අභියාචානධිකරණය අද (21) තීන්දු කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවිණි.
වී මිලදී ගැනීම සඳහා සහතික මිලක් නියම කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු කුරුණෑගල ,පොළොන්නරුව, මාතලේ , අනුරාධපුරය , මොනරාගල සහ හම්බන්තොට පදිංචි ගොවීන් 58 දෙනකු විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වී අලෙවි මණ්ඩලය, එහි සභාපති , ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් ,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ,මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු දස දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවෝ අම්පාර , පොළොන්නරුව , ත‍්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත‍්‍රික්ක වල වී ගොවියෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාන අඩුවෙන් විකුණුවාම ගොවියා බනිනවා ,ගණන් වැඩි කළාම පාරිභෝගිකයා බනිනවා. මේක තීරණය කරන්න තමා රජයක් තියෙන්නේ. එතන බලයට ආස කරන කීපදෙනෙක් ගොවියාව මෝඩයාට අන්දවන්න හදනවා (ම)