(ශාන්ත ප්‍රදීප් කුමාර)
කොට්ටාව - අතුරුගිරිය මාර්ගයේ බාලපල්ල ගුවන් පාලම මතදී ලොරි රථයක් සහ යතුරු පැදියක් අද (16) මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගිය බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොට්ටාව මාලපල්ල නුගගහලන්ද පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
අතුරුගිරියේ සිට මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක කොට්ටාවේ සිට අතුරුගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
ලොරි රථය සහ රියදුරු අත් අඩංගුවට ගත් බවත් රියදුරු හෙට (17) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd