(ඩී.කේ.රත්න සහ කේ ආර් රාජමන්ත‍්‍රි)
වැලිමඩ බදුල්ල මාර්ගයේ ලබුතොට පාලම අසලට අද (10) පස්වරුවේ දමා ගිය අත්බෝම්බ 8 ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්බෝම්බ සොයා ගත් අතර කොන්ක‍්‍රිට් මල් පෝච්චියක් ඇතුළට දමා එය බෑගයකට ද දමා මෙසේ දමා ගොස් තිබිණි.
කිසියම් පිරිසක් වාහනයකින් පැමිණ ලණුවක ආධාරයෙන් මෙය මාර්ගය ආසන්නයට දමන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
සිද්ධියට සම්බන්ධව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිස් ස්ථානාධිපති වැඩිදුර විමර්ශන පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd