IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලන්ඩනයේදී සර්වරාත්‍රි පිරිත් දේශනයක්

ලන්ඩන් නුවර ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශාලාව විවුර්ත කිරීම නිමිති කොටගෙන සැප්තැම්බර් 3 වන සෙනසුරාදා සර්ව රාත්‍රී පරිතාන ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
කින්ස්බරි විහාරස්ථානය නමින් කාඅතරත් සුප්‍රකට මෙම විහාරස්ථානයේ පින්කම් සඳහා සහභාගිවන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපයක සිට ඉහල යාම හේතුවෙන් ඔවුන් සඳහා අවශ්‍ය ඉඩකඩ සහ අනෙකුත් පහසුකම් සැපයීමේ අරමුණෙන් මෙම නව ශාලාව ගොඩනැඟූ බව විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියෝ පැවසුහ.
 
සෙනසුරාදා රාත්‍රී පරිතාන ධර්ම දේශනයත් පසුදා පැවැත්වෙන හීල් දානමය පින්කමත් සඳහා ශ්‍රී ලන්කාවේ සිට පුජ්‍ය අකුරැටියේ නන්ද හිමි, පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සර හිමි, පැරිස් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය කොන්ගස්යායේ ආනන්ද හිමි, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහෝ ගණනකින් මහා සංඝ රත්නයද වැඩම කරවනු ඇත.
 
මෙම පිංකම සඳහා සහභාගිවන ලෙස ලන්ඩන් නුවර සියලුම සැදැහැවතුන් වෙත කරුණාවෙන් ආරාධනය කරන බවද පුජ්‍ය පියදස්සි හිමියෝ පැවසුහ.
AllNightPirithSSIBC2016 Saddatissa-Temple



අදහස් (0)

ලන්ඩනයේදී සර්වරාත්‍රි පිරිත් දේශනයක්

අජිත් අබේරත්න Tuesday, 30 August 2016 03:09 PM

සැමට තෙරුවන් සරණි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 561 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 297 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site