IMG-LOGO

ලන්ඩනයේදී සෝම හිමි ගුණසමරුම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 13 වැනි ගුණානුස්මරණ පින්කම් මාලාවක්, කොළඹ ඉසිපතන විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව මඟින් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දී සහ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබිය. 

පැවිදිවීමට පෙර සෝම හිමියෝ අධ්‍යාපනය හැදෑරුවේ ඉසිපතන විද්‍යාලයෙනි.  උන්වහන්සේ සමඟ එවකට එක පන්තියේ ඉගෙනුම ලැබූ පසුකාලයක උන්වහන්සේ සමීපයෙන් අසුරුකරමින් උන්වහන්සේගේ සියලු ආගමික වැඩකටයුතු සඳහා අත හිතදී කටයුතු කළ දැනට එංගලන්තයේ පදිංචි ඉසිපතන ආදි සිසුන් කිහිපදෙනෙක් සමඟ  අනෙකුත් ආදි සිසුන් සහ ඔවුන්ගේ නෑදෑ හිතමිත්‍රාදීන් බොහෝ පිරිසක් පින්කම් සඳහා සහභාගී වුහ. 

පින්කම් සඳහා බෝධි පුජා සහ ධර්මදේශනා පැවැත්වීම සඳහා ආදිශිෂ්‍ය සංගමයේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ සිට පදලංගල ධම්මදේව හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ.

මෙම පින්කම් මාලාව දෙසැම්බර් 9 වැනි සිකුරාදා සවස උතුරු ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති බෝධි පුජාවකින් සහ ධර්ම දේශනාවකිනි. 10 වැනි සිකුරාදා සවස ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දී බෝධිපුජාමය පින්කමක් සහ ධර්මදේශනාවක්ද පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක්ද පවත්වා සෝම හිමියන් වෙත පුණ්‍යානුමෝදනා කරනු ලැබිය.

පින්කම් මෙහෙයවීම සඳහා ලන්ඩනයට වැඩමකළ පදලංගල ධම්මදේව හිමියන් හටත්, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්, සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු මහා සංඝ රතනයටත් පින්කමේ වැඩකටයුතු සඳහා සහයවූ ඉසිපතන විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගම් ශාඛාවේ සියලුම දෙනාටත් පින්කම් සඳහා සහභාගිවූ සැමටත් සංවිධායකයින් ස්තුතිය පළ කළහ.

4[1] 7[1] 9[1] 12[1] 32[1] 36[1]

 

 



අදහස් (0)

ලන්ඩනයේදී සෝම හිමි ගුණසමරුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site