අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිහිපත්කර එතුමන්ට පින් පැමිණවීමේ පින්කමක් සහ ගුණ සමරුවක් පසුගිය 11 වන සිකුරාදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආසියානු සහ අප්‍රිකානු අධ්‍යාපන පීඨයේ ආචාර්ය අමල් ගුණසේන සහ වෛද්‍ය ඩග්ලස් මුල්ගිරිගම ප්‍රධාන ප්‍රධානත්වයෙන් පැවත්වූණු එම පිංකම සඳහා ලන්ඩන් විහාරාධිපති මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල හිමි, තවලම බන්දුල හිමි, දේදුනුපිටියේ උපනන්ද හිමි, කෝන්වැවේ අරියරතන හිමි, කළුගමුවේ කස්සප හිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන, ලන්ඩන් බෞද්ධ විහාර භාරකාර මණ්ඩලයේ ලකී පනාගොඩ සහ ලෙස්ලි ඩෙප් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
මෙහිදී සීලවිමල හිමි, පුජ්‍ය උපනන්ද හිමි,අරියරතන හිමි , ආචාර්ය ගුණසේන සහ වෛද්‍ය මුල්ගිරිගම ගුණසමරු දේශනා පැවැත්වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ්ඩිත අමරදේවයන් යනු කවරෙක්දැයි හරිහැටි හඳුනාගත් අයෙක් ඇත්නම් ඔහු විසින් කළයුත්තේ එතුමා රැස්කළ හිමාලය තරම් උස්වූ පින් කඳෙන් බිඳක් හෝ ලබාගෙන එතුමාගේ ගමන් මඟට ප්‍රවිෂ්ටව මිනිස් වර්ගයාට, සත්වයාට හා ගහකොළට තම යුතුකම ඉටුකිරීමයි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ආගමික වතාවත් වල යෙදී එතුමා සිහිපත් කිරීම හොඳ දෙයක්. (නි)