IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ලන්ඩනයේ පොසොන් පින්කම්

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලේම පොසොන් පුන් පොහොය දින ආමිස සහ ප්‍රතිපත්ති පුජා  ඇතුලත් වැඩසටහන් පැවැත්විණි.

එම පන්සල්  බෞද්ධ සහ කොඩි පහන් කුඩු ආදියෙන් අලංකාරවත් අන්දමින් සරසා තිබුණි. මෙම පින්කම් සඳහා ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් ජාතික බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙවර පොසොන් පොහෝ දිනය යෙදී තිබුන ජුනි 2 වන දිනය සතියේ දිනයක් වීම නිසා මෙම පින්කම් සියල්ලක්ම වාගේ පැවැත්වුනේ සති අන්තයේදීය.

එසේනමුත් ලන්ඩන් නුවර  මහමෙව්නා භාවනා අසපු හතරේම පින්කම් පවත්වන ලද්දේ පොහොය දිනයේය.  මහමෙවුනාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන පොසොන් පිංකම පැවැත්වුනේ බැසිල්ඩන් අසපු භූමියේදීය. එදින උදැසන 7 සිට සවස 6 දක්වා දාන සීල භාවනා,බුද්ධ වන්දනා, බුද්ධ පුජා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්චා වැඩසටහන් පැවැත්වුනි. අනෙකුත් අසපු වල සවස 6.30 සිට බුද්ධ වන්දනා, ධර්ම දේශනා සහ පරිත්ථාන ධර්ම දේශනා ඇතුලත් වැඩසටහන් පැවැත්විය.

ලන්ඩන් නුවර ප්‍රමුඛ ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය ලන්ඩන් බෞද්ධ විහාරයයි.  එහි පොසොන් පිංකම පසුගිය 7 වැන ඉරුදින දවස පුරාවටම පැවැත්විණි.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් පැවැත්වුන එම පින්කම් සඳහා විහාරවාසී පුජ්‍ය තවලම බන්දුල හිමි, පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමි, පුජ්‍ය කළුගමුවේ කස්සප හිමි සමඟ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්තානාධිපති පුජ්‍ය උඩුපිහිල්ලේ විමලබුද්ධි නාහිමි සහ පුජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි සහභාගී වුහ.

11[1] 18[1] 19[1] 20[1] MAHAMEVNAAWA2[1] MAHAMEVNAWA4[1] mahamewnaawa3[1]



අදහස් (0)

ලන්ඩනයේ පොසොන් පින්කම්

ෂාම් Tuesday, 09 June 2015 06:21 AM

මහින්ද මහත්තයත් ගිහින්ද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30952 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13085 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site