බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන, සංස්කෘතික සහ සුභසාධක සංවිධාන මඟින් ඉදිරිපත් කරන 2016 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව අප්‍රේල් මාසයේ සෑම සති අන්තයකදිම පැවැත්වෙයි. පෙරවරුවේ සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා පැවැත්වෙන අතර පස්වරුවේ දී අවුරුදු චාරිත්‍ර සහ අවුරුදු සමය සමඟ සබැඳි සංස්කෘතික අංගයන් ඉදිරිපත් කෙරෙයි. මෙහිදී පැමිණෙන සියලුම දෙනාට කැවුම්, කිරිබත්, රසකැවිලි ඇතුළු සිංහල ආහාර වර්ගයන්ගෙන් සංග්‍රහ කිරීමද සිදු කෙරෙයි.
එංගලන්තය වැනි විදේශ රටක ජිවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දුවා දරුවන් මෙම උත්සව සඳහා සහභාගී කරවා ගැනීමෙන් ඔවුන් තුල ශ්‍රී ලාංකික ගති සිරිත් සහ සම්ප්‍රධායයන් පිලිබඳ අවබෝධයක් ඇතිකිරීමත් ඒවා සම්බන්ධ උනන්දුවක් ඇති කිරීමත් බලාපොරොත්තු වෙයි.
මෙහිදී දරුවන් සිංහල භාෂාවෙන් කතාපැවැත්විම, කවි හා ගීත ගායනා කිරීම මෙන්ම නැටුම් අංගයන් සඳහා සහභාගී කරවා ගැනීමද සිදුවෙයි.
එංගලන්තයේ ඉන්නා අනෙකුත් ජනතාවට ශ්‍රී ලාංකික අලුත් අවුරුද්දට සම්බන්ධව ඇති සිරිත් විරිත් පිලිබඳ අවබෝධයක් ඇති කරවිමත් මෙහිදී සිදු කැරෙයි.
හිත්රෝ අතුල දස්සන විහාරස්ථානය මඟින් අප්‍රේල් 9 වන දින පවත්වන බක් මහා උළෙල මේවසරේ මුල්ම අවුරුදු උත්සවයයි. අප්‍රේල් 10 වෙනි දින හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පවත්වන අවුරුදු උත්සවයත්, එදිනම ශෙෆිල්ඩ් ශ්‍රී ලාංකික සංවිධානය මඟින් සංවිධානය කර ඇති අවුරුදු උත්සවයත්, අප්‍රේල් 16 වන දින පැවැත්වෙන මිඩ්ලන්ඩ් සුර්ය මංගල්‍යයත්, අප්‍රේල් 23 වන දින ස්කොට්ලන්ත ශ්‍රී ලංකා සංවිධානය සහ එදිනම ලෙස්ටර් ධර්මායතනය පවත්වන අවුරුදු උත්සවත් අප්‍රේල් 24 වනදින වොට්ඵර්ඩ් අරුණැල්ල ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත්කරන සුර්ය මංගල්‍යයත්, අප්‍රේල් 30 වනදින කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහා උළෙලත් පිලිබඳ විස්තර දැනට එම සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2276
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලන්ඩනය පුරා බක්මහ සැණකෙළි