එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟය සැප්තැම්බර් 11 වැනි දා පැවැත්වීමට යයි.
පස්වැනි වරට සුහද ක්‍රීඩා තරගය මෙවර ඔස්ටර්ලි ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ පැවැත්වේ. එලිෆන්ට් සහ බ්ලු එන්ටර්ටෙන්ට්මන්ට් තරගය සංවිධානය කරයි.
මෙම අභියෝගිතා කුසලානය නම්කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ හිටපු සභාපතිවරයකු වන පරාක්‍රම රණසිංහයන්ගේ නමිනි.
දවස පුරාවටම පවුලේ සැමට සහභාගිවිය හැකි අන්දමේ විවිධ විනෝදාංශ ඇතුළත් කොට පැවැත්වෙන මෙම සැණකෙළිය සඳහා සහභාගිවන ලෙස සියලුම දෙනා වෙත ආරාධනා කරන බව එක්සත් රාජ ධානියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ අසාහිම් මොහමඩ් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd