එක්සත් ජාතික සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකෙහි එක්සත් රාජධානි ශාඛාවන් මඟින් පස්වැනි වරටත් සංවිධානය කළ මිතුරු හමුව සහ සුහද ක්‍රිකට් තරඟය පසුගිය සෙනසුරාදා ලන්ඩන් නුවර ඔස්ටර්ලි ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශ වල වෙසෙන  පක්ෂ සාමාජිකයින් මෙන්ම හිත මිතුරන්ද එක්ව පැවැත්වු මෙම සුහද හමුවේ මුලිකාංගය වූ ක්‍රිකට් තරගය පැවැත්වුණේ පන්දු වාර 20 යි 20 තරඟයක් ලෙසටය. තරගයේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම සතුවිය.