ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් නොමිලයේ පවත්වන පාඨමාලා ලබන සතියේ සිට ආරම්භ කරන බව විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝ දන්වයි.
අඟහරුවා දා දිනයන්හි පැවැත්වෙන බුදුන්වහන්සේ විසින් සිදුකළ සම්ප්‍රයුක්ත දේශන පිළිබඳව සාකච්ඡා කෙරෙන පාඨමාලාව 20 වැනි දා සිට සෑම සතියකම සවස 7.30 සිට 8.30 දක්වා පැවැත්වෙයි. මෙම පන්ති මෙහෙයවනු ලබන්නේ ලන්ඩන් විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසිනි.
ඔක්තෝබර් 10 වැනි දා සිට සති අටක් සෑම සඳුදා දිනකම සවස 7 ට පැවැත්වෙන බුදුදහම හඳුන්වාදීමේ ආරම්භක පාඨමාලාව පැවැත්වෙයි. මෙහිදී ඔක්තොබර් 10 වැනි දා බුද්ධ කාලයට පෙර ඉන්දියාවේ ආගමික පසුබිමද, 17 වැනි දා බුද්ධ චරිතය සහ බුදු දහමේ විකාශයද, 24 වැනි දා ත්‍රිපිටකය පිළිබඳ සරල හැඳින්වීමක් සමඟ කාලාම සුත්‍රය පිළිබඳ සාකච්ඡාවක්ද, 31 වැනි දා චතුරාර්ය සත්‍යයෙහි දුක්ක සත්‍යය සහ සමුදය සත්‍යය පිළිබඳවත්, නොවැම්බර් 7 වැනි දා නිරෝධ සහ මාර්ග සත්‍යයන් පිළිබඳවත් නොවැම්බර් 14 වැනි දා කර්ම නියාය පිළිබඳවත් නොවැම්බර් 21 වැනි දා පටිච්ච සමුප්පාදය පිළිබඳවත් නොවැම්බර් 28 වැනි දා භාවනා ක්‍රම සහ ඒවායින් ලබාගත් හැකි ප්‍රතිඵල පිළිබඳවත් සාකච්ඡා කරනු ඇත.
මෙම පාඨමාලාව මෙහෙය වන්නේ ජුලියන් වෝල් විසිනි. සැප්තැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා සිට සති 10 ක් අභිධම්ම පාඨමාලාව ආරම්භ කෙරෙයි.
මෙම සති දහය තුල කම්මාවාචාර, සමාධි , ලොකුත්තර් චිත්ත, චෛතශික, කර්ම නියාය, පුනරුත්පත්තිය සහ රුප වැනි බුදුසමයේ ගැඹුරු ඉගැන්වීම් පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත. මෙම පාඨමාලාව මෙහෙයවන්නේ රිචර්ඩ් ජෝන් විසිනි.
පන්ති සඳහා පෙර ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නොවේ. පන්ති පැවැත්වෙන දින විහාරස්ථානයට පැමිණ පන්ති සඳහා ලියාපදිංචි විය හැක.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලන්ඩන් විහාරයේ පන්ති ඇරඹෙයි