නව වසරට ලෝක වාසි සියලුම දෙනා වෙත තෙරුවන් සරණ පැතීමේ අරමුණෙන් ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් පසුගිය දා පැවැත්වූ ධර්මදේශනාව සහ සර්වරාත්‍රික පිරිත් දේශනය සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වුහ.
ලන්ඩන් නුවර පවතින අධික සීත දේශගුණික තත්ත්වයද නොසළකා මෙවර පින්කමට මෙතරම් පිරිසක් සහභාගිවීම සතුටු දනවන කරුණක් බව සංවිධායකයින් පැවසුහ. විශේෂයෙන් සංවිධාන කටයුතු සඳහා අසපුවාසි ස්වාමින් වහන්සේලා සමඟ ඉමහත් උනන්දුවකින් කටයුතු කරන ලද පිරිස අතර වැඩිදෙනෙකු තරුණ තරුණයින් වීමද කැපිපෙනෙන කරුණක් විය.
අසපුවාසි ස්වාමින් වහන්සේ විසින් රාත්‍රී 9 සිට පසුදින උදැසන දක්වා පාලි සහ සිංහල භාෂාවන්ගෙන් පිරිත් සජ්ජායනය කිරිම සිදු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd