IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලොතරැයි මණ්ඩලයෙන් අවතැන්වූවන්ට ලක්ෂ පහක්

විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක්  ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතාට පසුගිය දා ලබා දුන්නේ ය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනී නීතීඥ ශාමිලා පෙරේරා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස මුදල් අමාත්‍යාංශයේ දී ඊට අදාළ චෙක්පත මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා වෙත දුන්හ.

මේ අතර කඩුවෙල අවතැන් වූ ජනතාව වෙනුවෙන් වියළි ආහාර මලු බෙදා දීම සහ වෛද්‍ය කඳවුරක් පැවැත්වීම කඩුවෙලට අයත් අංක 474 සහ 474/A දරණ ග්‍රාමසේවා වසම් වල පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිය නිවෙස් ජලයට යටවී අවතැන් වූ පවුල් 950ක ප්‍රමාණයකට වියළි ආහාර සලාකා මලු බෙදා දීමේ වැඩසටහනක් හේවාගම විහාර මාවත අභිනවාරාමය ඉදිරිපිටදී පැවැත්විණ.

ඊට සමගාමීව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සහයෝගය ඇතිව දුකට පත් ජනතාව වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්ද පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා යටිතල පහසුකම් සැපයූ ශ්‍රී.ලං.නි.ප. කඩුවෙල ආසන සංවිධායක විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එක්විය.

13292894_10209746863414704_956104939_n



අදහස් (0)

ලොතරැයි මණ්ඩලයෙන් අවතැන්වූවන්ට ලක්ෂ පහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 617 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2306 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1716 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site