(එම්.කේ. නන්දසේන)
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු හතරක් අඟල් හය බැගින් විවර කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු අමිල ශිරන්ත මහතා පැවසීය.
මෙම ජලය කිරිඳි ඔයට මුදා හරින බැවින් ඇල්ලගල, දෙබරවැව, මාගම ඇතුළු කිරිඳි ඔය ආශ්‍රිතව පදිංචිකරුවන්ට ඉතා ප්‍රවේශමෙන් පසුවන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.
ලුණුගම්වෙහෙර ජලාශය අක්කර අඩි එක්ලක්ෂ හැත්තෑ හත් දහස දක්වා ඉහළ නැග තිබූ බවත්, ජනතාවට සිදුවිය හැකි පීඩාවන් අවම කිරීම සඳහා මේ අයුරින් දොරටු විවර කිරීමට සිදුවු බවත් අමිල ශිරන්ත මහතා වැඩිදුරටත් කීය.
වෙහෙරගල ජලාශයේද ජල මට්ටම ඉහළ නැග ඇති නිසා දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර මැණික් ගඟට ජලය මුදාහැර ඇති බවද හෙතෙම පැවසීය. මින් තත්පරයකට ඝන අඩි 3000 ට අධික ප්‍රමාණයක් මැණික් ගඟට එක්වන නිසා ගං ඉවුරු ආශ්‍රිතව පදිංචිකරුවන්ට කල්පනාකාරීව සිටින ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.



2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලුණුගම්වෙහෙර - වෙහෙරගල ජලාශවල වාන්දොරටු විවර කරයි